ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංඛ සේනාධිපති සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහි නඩුවක් විභාග කිරීම අත්හිටුවන ලෙස ඉල්ලා ගොනු කර ඇති ප්රතිශෝධන පෙත්සම සළකා බැලීම අද ආරම්භ වුණා.
ඒ අභියාචනාධිකරණය හමුවේයි. ගාලු වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටු කර දීම සදහා නිශ්ශංඛ සේනාධිපති මහතා රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් ලබා දුන් බවට සහ පාලිත ප්‍රනාන්දු මහතා එය ලබා ගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම නඩුවක් ගොනු කර තිබෙනවා. මෙම නඩුව ගොනු කිරීම සදහා අල්ලස් කොමිමේ කොමසාරිස්වරුන් තුන්දෙනාගෙන් ලිඛිත අනුමැතිය හිමි වී නැති බැවින් එය පවත්වාගෙන යා නොහැකි බවට පෙත්සම්කරුවන් මූලික විරෝධතා මතු කළා. එහෙත් එම විරෝධතා ප්‍රතික්ෂේප කොට කොළඹ මහාධිකරණය නඩුව විභාගයට ගැනීම නීතිවිරෝධි බවයි පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ. දේශපාලන අරමුණක් පදනම් කරගෙන අල්ලස් කොමිස මෙමනඩුව ගොනු කර ඇති බවට පෙත්සම්කරුවන්ගේ නීතිඥ එරාජ් ද සිල්වා මහතා චෝදනා කළා. මෙහි වැඩිදුර විමසීම ලබන 17 වනදා දක්වා කල් තැබුනා.