පලෙයි පොලිස් වසමේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූ සැකකරු මියගියා. මෙම පිපිරීම සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ බිරිද සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සිදුකෙරෙනවා.
පලෙයි උර්නියන්පත්තු, අයියකච්චිය ප්රදේශයේ නිවසක් තුළ සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙකු බරපතල ලෙස පිලිස්සුම් තුවාල ලැබුවා. කිලිනොච්චිය රෝහලට ඇතුළත් කළ මෙම සැකකරු වැඩිදුර ප්රතිකාර සදහා අනුරාධපුර රෝහලට මාරුකෙරුණා.
එම රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී අද (08) අලුයම මෙම පුද්ගලයා මියගිය බවයි පොලීසිය සදහන් කළේ. සැකකරු වයස අවුරුදු 44 ක් වන අයියකච්චිය ප්රදේශයේ පදිංචිකරුවෙක්.
පිපිරීම සම්බන්ධයෙන් මොහුගේ බිරිද සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැණුනා. ත්රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත අනුව ත්රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් රැදවුම් නියෝග ලබාගනිමින් වැඩිදුර විමර්ශන සිදුකෙරෙනවා.