පැල්මඩුල්ල දෙනවක ගඟේ පාවෙමින් තිබූ නාදුනන මළසිරුරු දෙකක් හමු වී තිබෙනවා.
ප්රදේශවාසීන්ගේ දැනුම්දීම මත සොයා ගත් මෙම සිරුරු පිරිමි පුද්ගලයින් දෙදෙනෙකුගේ බවයි පොලීසිය පවසන්නේ.
සිරුරු දෙකෙහි කැපුම් තුවාල දක්නට ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මක බවයි පැල්මඩුල්ල පොලීසිය සදහන් කළේ.