ශ්රී ලංකන් ඇපල් ලෙස ජනප්රිය වූ නුවරඑළිය ප්රදේශයේ සරුසාරව වැඩුණු පෙයාර්ස් වෙළෙඳපොලට පැමිණීමත් සමග ඉහළ ඉල්ලුමක් ලැබී තිබෙනවා.
ප්රකට වැවිලිකරුවෙකු වන සැමුවෙල් බ්රෙකර් මහතා මෙරටට පෙයාර්ස් වගාව හඳුන්වාදුන් බව පැවසෙනවා. කුඩු ඔය හක්ගල,ටොප්පාස්,කඳපොල මෙන්ම රාගල ආශ්රිත ප්රදේශවල පෙයාර්ස් වගාව සාර්ථකව සිදුකෙරුණා. 1978 වසරේ නැගෙනහිර පළාතට දැඩි හානියක් සිදුකරමින් හමාගිය සුළි සුළගින් නුවරඑළිය පොයාර්ස් වගාවට ද විශාල බලපෑමක් සිදුවුණා. ඒ, එම සුළි සුළගත් සමග වෛරසයක් පැතිරයාම හේතුවෙන්. ඒ සමග කඳපොල ටොප්පාස් ඇතුළු ප්රදේශ කිහිපයක පැවති පෙයාර්ස් වගාව සම්පූර්ණයෙන්ම විනාශයට පත්වුණා. රාගල කඳු පන්තියෙන් ආවරණය වූ රාගල ආශ්රිත ප්රදේශයේ පමණක් පෙයාර්ස් වගාව ඉතිරි වූ අතර පසු කාලීනව රාගල පෙයාර්ස් ලෙස ජනප්රිය වූයේ ඉන් ලබාගත් අස්වැන්නයි. රාගල, මන්ත්රීතැන්න, ගෝනකැලේ, රත්නායක පතන, පල්ලපතන, බිංගංතලාව ඇතුළු ප්රදේශ රැසක අද වනවිටත් පෙයාර්ස් වගාව සාර්ථකව සිදුකෙරෙනවා. මෙම පෙයාර්ස්වලට අමතරව රහංගල නමින් බද්ද පෙයාර්ස් ප්රබේදයක් ද හඳුන්වාදුන් අතර එය ද මේ වනවිට ගොවි ජනතාව අතර ජනප්රියව පවතිනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/2nQCj5BE5aw”]