fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඡන්ද සටනට රාජ්‍ය දේපොළ අවභාවිතයක් නෑ – නියෝජ්‍ය ඇමති රාජ්‍ය ඇමති වාහනත් භාරදීලා

ITN News Editor
By ITN News Editor ජූලි 7, 2020 18:10

හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් භාවිත කළ වාහන මැතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් පසු භාර දී නැති බවට වැඩි වශයෙන් චෝදනා එල්ල වුණා.

ඒ ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේයි. කෙසේ වුවද මැතිවරණ කොමිසමේදී අමාත්‍යාංශ අතිරේක ලේකම්වරුන් සමග පැවති සාකච්ඡාවකදී මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ එක් වාහනයක් හැර සෙසු සියලු වාහන භාර දී ඇති බවයි.

පසුගිය මැතිවරණයට සාපේක්ෂව මෙම මැතිවරණයේදී රාජ්‍ය දේපළ අයුතු ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් විශාල වශයෙන් චෝදනා ලැබී නැති බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් සදහන් කළේ.

නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරු ලබාගෙන තිබූ වාහන අමාත්‍යාංශ වෙත ලබා දී ඇති බවත් ගැටලුවක් පවතින්නේ එක් වාහනයක් සම්බන්ධයෙන් පමණක් බවත් ඉදිරි සතියේදී එම වාහනයද භාර දෙනු ඇතැයි විශ්වාස කරන බවත් මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 7, 2020 18:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්