අතිශය ජනප්‍රිය ටික්ටොක් ඇතුලු චීනයේ නිර්මාණය කරන ලද සමාජ මාධ්‍ය මෘදුකාංග ඇමෙරිකාව තුළ තහනම් කිරිම පිළිබඳ අවධානය යොමුව ඇති බව එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසනවා.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ පිළිබද ඉදිරියේදී තීරණයක් ගනු ඇති බවයි ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා පවසන්නේ. ටික්ටොක් ඇතුලු චීන මෘදුකාංග යෙදවුම් 59 ක් ඉන්දියාව පසුගියදා තහනම් කිරීමට පියවර ගත්තේ චීනය සමග ඇති වූ දේශසිමා ගැටලුව මුල්කරගෙනයි. දේශසීමා අර්බුදය හේතුවෙන් ඉන්දීය හමුදා සාමාජිකයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.