වැලිකඩ බන්ධනාගාරයේ රැදවියකු කොවිඩ් 19 ආසාදිතයකු ලෙස තහවුරු වීමත් සමග එම බන්ධනාගාරය අමුත්තන් සඳහා තාවකාලිකව වසා දැමුණා.
රැදවියන් ඇතුළු පිරිසක් පීසීආර් පරික්ෂණ සඳහා යොමු කිරීමටයි පියවර ගැනුණේ.
වැලිකඩ බන්ධනාගාරයෙන් හදුනා ගත් කෝවිඩ් ආසාදිතයා කන්දකාඩු පිහිටි මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවන් පුනරුත්තාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට ජුනි 27 වනදා වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර එවන ලද අයෙක්.
මොහු කොවිඩ් ආසාදිතයකු ලෙස හදුනාගැනීමත් සමග බන්ධානාගාර නිලධාරීන් හා රැඳවියන් ඇතුළු 177 දෙනෙකු පීසීආර් පරික්ෂණ සදහා යොමු කර ඇති බව සදහන්.
වැලිකඩ බන්ධනාගාරයට අමුත්තන් පැමිණීම යළි දැනුම් දෙන තුරු අත්හිටුවීමටයි පියවර ගෙන ඇත්තේ.
මේ අතර මෙම රැදවියා හා ඔහුගේ ආශ්‍රිතයින් මෙන්ම බන්ධනාගාර නිලධාරින් කෙරෙහි පුළුල් වශයෙන් සෞඛ්‍ය අංශවල අවධානය යොමු කර තිබෙනවා.