කොලොම්බියාවේ උතුරු දිග ප්‍රදේශයේ ඉන්ධන රැගත් බවුසරයක් අනතුරට ලක් වීමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
කොළොම්බියාවේ පූවෙබ්ලෝ වීජෝ නගරයට ආසන්නවයි මෙම අනතුර සිදු වුණේ. ඉන්ධන රැගත් බවුසරය පෙරලීමට ලක්ව ඇති අතර එහිදී ගම්වාසීන් එම ස්ථානයට රැස්ව ඉන්ධන ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා. එහිදී බවුසරය පිපිරීමට ලක්ව ගිනිගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි කොලොම්බියාවේ රෝහල් අංශ සඳහන් කරන්නේ.