පොලිස් අණ නොතකා පළා යාමට තැත් කළ ත්රීරෝද රථයකට පොලීසිය රාජාංගණය ප්රදේශයේදී වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.
ඊයේ (06) රාත්රී 7.30 ට පමණ රාජාංගණය පොලිස් වසමේ අනුරාධපුරය පුත්තලම මාර්ගයේ රාජකාරියේ යෙදී සිටි කොට්ඨාස යතුරුපැදි ඒකකයේ නිලධාරීන් දෙදෙනෙකු ත්රීරෝද රථයක් නතර කර පරීක්ෂා කිරීමට උත්සාහ දරා තිබෙනවා.
එම අවස්ථාවේ ත්රීරෝද රථය පොලිස් අණ නොතකා ධාවනය කළ බවයි පොලීසිය පවසන්නේ. ත්රීරෝද රථය නතර කිරීම සදහා එහි පසුපස රෝදයට එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරියෙකු වෙඩි තබා තිබෙනවා. ත්රීරෝද රථය අතුරු මාර්ගයක තිබී පොලීසිය සොයා ගත්තා.
එහි සිටි සැකකරුවන් පළා ගොස් තිබෙනවා. මෙම පුද්ගලයන් කිසියම් අපරාධයක් කිරීමට හෝ අපරාධයක් සිදුකර පළා යන පුද්ගලයන්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා රාජාංගණය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.