fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලී අනුපාතයේ කිසිඳු වෙනසක් නැහැ – මුදල් අමාත්‍යාංශයෙන් සහතිකයක්

ITN News Editor
By ITN News Editor ජූලි 7, 2020 12:04

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු වෙනුවෙන් ගෙවනු ලබන පොළී අනුපාතයේ කිසිඳු වෙනසක් සිදුකර නැති බව මුදල් අමාත්‍යාංශය අවධාරණය කරනවා. මෙතෙක් පැවති පොළී අනුපාතය එලෙසම අඛණ්ඩව ක්‍රියාත්මක බවයි අමාත්‍යාංශය පවසන්නේ.

තරුණ ජවය රටේ සංවර්ධනය වෙනුවෙන් කැප කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ අරමුණින් ඔවුන්ගේ තැන්පතු සඳහා වූ විශේෂ පොළී අනුපාත වැඩසටහන ආරම්භ කෙරුණේ 2014 වසරේදීයි. මෙම විශේෂ පොළී අනුපාත ප්‍රතිලාභයේ කිසිඳු සංශෝධනයක් සිදුකර නැති බවත් ඒ ආකාරයෙන්ම එය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බවත් මුදල් අමාත්‍යාංශය අවධාරණය කරනවා. මෙය සංශෝධනය කර ඇති බවට සහ පොළී ආදායම මත ලබා දී තිබූ ආදායම් බදු සහනය ඉවත් කර ඇති බවට ඇතැම් මාධ්‍ය ගෙන යන ප්‍රකාශ අසත්‍ය සහ පදනම් විරහිත බවයි අමාත්‍යාංශය අවධාරණය කරන්නේ. රජය එවැනි කිසිඳු තීරණයක් ගෙන නැති අතර නව රජය පත්වීමත් සමඟ පසුගිය ජනවාරි පළමුවනදා සිට බැංකු පොළිය මත අය කළ රඳවා ගැනිමේ බද්දද අහෝසි කෙරුණා. එසේම මාසික පොළී ආදායම රුපියල් දෙලක්ෂ පනස් දහසක් නම් වසරකට රුපියල් තිස්ලක්ෂයක් දක්වා බද්දෙන් නිදහස් කිරීමට ද වත්මන් රජය කටයුතු කළා. එසේ තිබියදී මෙවැනි අසත්‍ය හා පදනම් විරහිත ප්‍රකාශ මඟින් නොසන්සුන්තාවට පත් නොවන ලෙසයි ස්ථාවර තැන්පතු පවත්වාගෙන යන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් මුදල් අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ.

අද පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේ අදහස් පළකළා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 7, 2020 12:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්