fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ කෝවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 7 ඉක්මවයි

ITN News Editor
By ITN News Editor ජූලි 7, 2020 11:00

ඉන්දියාවේ කෝවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 7 ඉක්මවා තිබෙනවා.

එරට මරණ සංඛ්‍යාවද විසිදහස ඉක්මවා ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඉන්දියාවේ කෝවිඩ් ආසාදිතයන් පළමු ලක්ෂය වාර්තා කිරීමට දින 110 ක් ගත වුණා. එහෙත් එය හයලක්ෂයේ සිට හත් ලක්ෂය ඉක්මවා යාමට ගත වූයේ දින 4 ක් පමණයි. පසුගිය දින කිහිපය තුළ සිට ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව විසිදහස ඉක්මවා ගියා. ඒ අනුව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර රුසියාවද පසුකරමින් ඉන්දියාව ඊයේ දිනයේදී තුන්වන ස්ථානයට පත් වුණා.

ITN News Editor
By ITN News Editor ජූලි 7, 2020 11:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්