fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බ්‍රසීල ජනපති කෝවිඩ් පරීක්ෂාවට

ITN News Editor
By ITN News Editor ජූලි 7, 2020 10:16

බ්‍රසීල ජනාධිපති ජායීර් බොල් සොනාරෝ යළි කෝවිඩ් නයින්ටීන් පරීක්ෂාවට භාජනය වී ඇති බව වාර්තා වනවා.

කෝවිඩ් නයින්ටීන් ආසාදිත වූ බවට රෝග ලක්ෂණ මතුවීමත් සමග බ්‍රසීල ජනාධිපතිවරයා නැවත වතාවක් මෙම පරීක්ෂණයට භාජනය වූ බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. පරීක්ෂණ ප්‍රතිඵල පිළිබදව මේ වනතෙක් නිල තොරතුරක් ඉදිරිපත් නොකිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

කෝවිඩ් වසංගතය හේතුවෙන් ප්‍රබල බලපෑමකට ලක් වූ ඇමෙරිකාවට පසු බ්‍රසීලය පසුවන්නේ දෙවන ස්ථානයේයි. වෛරසයේ දරුණු බලපෑම හේතුවෙන් පොදු ස්ථානවලදී මුඛ ආවරණ පළදින ලෙස සෞඛ්‍ය අංශ දැඩිව නිර්දේශ ඉදිරිපත් කර තිබුණද ඒ පිළිබද කිසිදු තැකීමක් නොකරමින් ජනාධිපතිවරයා කටයුතු කිරීම හේතුවෙන් ඔහු දැඩි අප්‍රසාදයට ලක් වූ බව විදෙස් වාර්තා සඳහන් කළා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 7, 2020 10:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo