ලොරි රථයක් අඩි 150ක ප්රපාතයකට පෙරළීමෙන් රියදුරු සහ සහායකයා බරපතල තුවාල ලබා තිබෙනවා.
නුවරඑළිය සිට බගවන්තලාව දක්වා ධාවනය වූ ලොරි රථයක් රදැල්ල කෙටි මාර්ගයේ දීයි අඩි 150ක ප්රපාතයකට පෙරළුනේ. නානුඔය කෙටි මාර්ගයේ කාල්බර්ග් වත්ත ප්රදේශයේදී සිදුවූ මෙම අනතුරෙන් ලොරි රථයට ද දැඩි හානි සිදුව තිබෙනවා. පොළොන්නරුවේ සිට සහල් ප්රවාහනය කළ ලොරි රථය නුවරඑළිය නරගයට සහල් අලෙවිකර යළි බගවන්තලාව බලා පැමිණෙන අවස්ථාවේයි එය අනතුරට මුහුණ පෑවේ. කාර්මික දෝෂයක් අනතුරට හේතුවන්නට ඇති බවයි නානුඔය පොලිසිය පවසන්නේ.