වයඹදිග ස්පාඤ්ඤයේ ගැලීසියා නගරය යළි වසා දැමීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.
හැත්තෑදහසක පමණ පිරිසක් වාසය කරන මෙම නගරයෙන් යළි කොවිඩ් ආසාදිතයින් හමුවීමයි නගරය වසාදැමීමට හේතු වී ඇත්තේ. රැකියාවල නිරතවන්නන් සඳහා පමණක් නගරයෙන් පිටවීමට අවසර ලැබෙනු ඇති. මේ ආකාරයටම ඊයේ දිනයේදී කැටලෝනියා ප්රාන්තයද වසා දැමීමට පියවර ගැනුණා.