ඇමෙරිකාවේ ප්‍රාන්ත 39 කින් වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන අතර එය වේගවත් වීමට නිදහස් දින සැමරුම්ද හේතුවනු ඇති බවට සෞඛ්‍ය අංශ බිය පළ කරනවා.
ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් මුහුණ ආවරණ නොපැලදීම ජනතාව මුහුණ ආවරණ ප්‍රතික්ෂේප කිරීමට හේතු වී ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ. ජනතාවගේ නොසැලකිලිමත් භාවය ආසාදියන් සංඛ්‍යාව ඉහළ යාමට ප්‍රධානම හේතුව වී තිබෙනවා. එරටින් වාර්තාවන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 30 කට ආසන්න බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ.