fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූලි 6, 2020 09:38

වැටලීම් කිහිපයකින් හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රී 08.30ට පමණ ග්‍රෑන්ඩ් පාස් පොලිස් වසමේ මුව‍දොර උයන මහල් නිවාසය අසලදී කොළඹ දිසා දූෂණ මර්දන අංශයේ නිලධාරීන් වැටලීමක් සිදු කළා. එහිදී සැකකාරියක අත්අඩංගුවට ගැනුණේ හෙරොයින් ග්‍රෑම් 322 යි මිලිග්‍රෑම් 910 ක් සමඟයි. සැකකාරිය අද දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය පවසන්නේ.

නුගේගොඩ බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය ද වැටලීමක් සිදු කළා. ඒ ලැබුණ තොරතුරකට අනුවයි. එහිදී උඩුගම්පොල පාසල අසලදී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනුණා. ඔහු අද දින ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයටයි ඉදිරිපත් කෙරෙන්නේ.

මීගමුව දිසාගේ වත්ත  ප්‍රදේශයේදීද  හොරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනුණා. ඔහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 6, 2020 09:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්