පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීමට අදාළව මැතිවරණ කොමිෂන් සභාව අද විශේෂ නිවේදනයක් නිකුත් කළා.
තැපැල් ඡන්ද සළකුණු කරනු ලබන සියලුම සේවා ස්ථානවල සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳ අධීක්ෂණ කටයුතු ජුලි 14 /15/16 හා 17 දිනවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල කාර්ය මණ්ඩලයට පැවරෙන හෙයින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල පමණක් තැපැල් ඡන්ද සළකුණු කිරීම ජුලි මස 13 වනදා පෙරවරු 09 සිට පස්වරු 04 දක්වා සිදු කෙරනවා.
සියලුම පොලිස් ස්ථාන ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව , සෞඛ්‍ය අංශ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාලවල ජුලි 16 වනදා පෙරවරු 09 සිට 04 දක්වා සහ 17 වනදා පෙරවරු 09 සිට පස්වරු 02 දක්වා ද ඡන්දය සළකුණු කිරීමට අවස්ථාව හිමිවනවා.ඒ හැර සෙසු රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සළකුණු කිරීම ජුලි මස 14 සහ 15 යන දිනවල පෙරවරු 09.00 සිට පස්වරු 04 දක්වා සිදු කෙරනවා.
නොවැළැක්විය හේතුවක් නිසා ඡන්දය සළකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයකුවේ නම් ජූලි 20 සහ 21 යන දිනවල පෙරුවරු 09 සිට පස්වරු 04 දක්වා අදාළ සහතික කිරීමේ නිලධාරියාගේ කාර්යාලයේ පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී එම පහසුකම සළසැ ගත හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
මැතිවරණ කොමිෂම් සභාවේ නිලධාරීන් සඳහා තැපැල් ඡන්ද සළකුණු කිරීම ජුලි 16 පෙරවරු 09 සිට පස්වරු 04 දක්වා සහ 17 වනදා පෙරවරු 09 සිට පස්වරු 02 දක්වා සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.
කොවිඩ් 19 පාලිත තත්ත්වය යටතේ නිකුත් කර ඇති සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම, මුඛආවරණ පැළදීම හා දෑත් විෂබීජහරණය කිරීමට කටයුතු කළ යුතුයි. ඡන්දය සළකුණු කිරීමට නිල් හෝ කළු පැහැති පෑනක් රැගෙන ඒම සුදුසු බව ද මැතිවරණ කොමිසම් සභාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.