වැල්වැටිතුරෙයි පොලීසිය අද අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්රී එම් කේ ශිවාජිලිංගම් මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරණා.
2018 වසරේදී මහවිරු දින සැමරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව මහේස්ත්රාත් අධිකරණයේ විභාග වන නඩුවට අදාළව හිටපු උතුරු පළාත් සභා මන්ත්රී එම් කේ ශිවාජිලිංගම් මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කෙරුණා. ඒ ඔහු අධිකරණය මගහැරීම හේතුවෙන්. ඒ අනුව සිවාජිලිංගම් මහතා අත්අඩංගුවට ගැනීමට වැල්වැටිතුරෙයි පොලීසිය කටයුතු කළා. ඒ වැල්වටිතුරෙයි පොලිස් වසමේ අම්මාන් කෝවිල්අඩි ප්රදේශයේ පිහිටා ඇති ඔහුගේ නිවසේදීයී. පේදුරුතුඩුව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු ඔහු ඇප මත මුදාහැරීමට කටයුතු කෙරුණේ ඉදිරි නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස අවවාද කිරිමෙන් පසුවයි.
මහවිරු සැමරූ එම්.කේ ශිවාජිලිංගම් පොලිස් අත්අඩංගුවට
හිටපු පළාත් සභා මන්ත්රී එම් කේ සිවාජිලිංගම් මහතා වැල්වැටිතුරෙයි පොලීසිය අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2018 වසරේ මහවිරු සැමරුම් සිද්ධියක් සම්බන්ධයෙන් පේදුරුතුඩුව මහේස්ත්රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළවයි ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඒ පේදුරුතුඩුව මහේස්ත්රාත් අධිකරණය නිකුත් කළ වරෙන්තුවකට අනුවයි. අම්මාන් කෝවිල්අඩි ප්රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී මෙලෙස සිවාජිලංගම් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු පේදුරුතුඩුව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.