ජපානයේ දකුණු දිග ප්‍රදේශයේ කියුෂු දූපත ආසන්නයේ ඇති වූ ගංවතුර තත්ත්වයකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබෙනවා.
ගංවතුර තත්ත්වයෙන් තවත් 09 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. අයහපත් කාලගුණය සමඟ නායයෑම්ද වාර්තා වුණා. සිදු වූ හානි පිළිබඳ නිලවශයෙන් වාර්තා මෙතෙක් ලැබී නැහැ.ලක්ෂ දෙකකට වැඩි ජනතාවක් එම ප්‍රදේශවලින් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. සහන මෙහෙයුම්වල නිරත සෙබලුන් දසදහසක් රාජකාරී සඳහා යවා ඇති බවයි ජපාන මාධ්‍ය සඳහන් කළේ. අද දිනයේද ජපානයේ දකුණු දිග ප්‍රදේශවලට දැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බවට කාලගුණ අංශ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.