fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පසුගිය රජයේ මැති ඇමතිවරුන් පස් දෙනෙකුට සිතාසි

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2020 19:41

පසුගිය රජයේ මැති ඇමතිවරුන් පස් දෙනෙකුට සිතාසි නිකුත් කිරීමට දේශපාලන පළිගැනීම් පිළිබද විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම තිරණය කර තිබෙනවා.

මෙසේ සිතාසි නිකුත් කර ඇත්තේ වයඹ නාවික ආඥාපති රියර් අද්මිරාල් ඩී කේ පී දසනායක මහතා අදාළ කොමිසම වෙත ඉදිරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළවයි. ඒ අනුව රංජිත් මද්දුම බණ්ඩාර, රාජිත සේනාරත්න, රංජන් රාමනායක, අජිත් පී පෙරේරා හා ඩී එම් ස්වාමිනාදන් යන මහත්වරුන්ට මෙලෙස සිතාසි නිකුත් කෙරෙන බව සදහන්.

2008 වසරේ දි තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව අසත්‍ය සාක්ෂි ගොනුකරමින් තමාට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරූ බව පවසමින් ඩී කේ පී දසනායක  මහතා අදාළ පැමිණිල්ල ගොනුකර තිබුණා.

ලබන 15 වනදා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත්කිරීමටයි තීරණය කර ඇත්තේ.

එමෙන්ම පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ හිටපු ප්‍රධානී රවී වෛද්‍යාලංකාර මහතාට එදින කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කිරීමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2020 19:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo