fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පැය 24 ක් තුළ ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් විසිදහසක්

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2020 19:30

ගෙවීගිය පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයින් විසිදහසකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. මෙතෙක් ඉන්දියාවෙන් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මෙයයි.

කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවකට ලක්ව ඇත්තේ මහරාඨ්‍ර තමිල්නාඩු, දිල්ලි සහ ගුජරාට් යන ප්‍රාන්තයි. තමිල්නාඩුවේ චෙන්නායි නුවරින් පමණක් ලක්ෂයකට අධික පිරිසක් වාර්තා වනවා.

මේ අතර පාකිස්තාන විදේශ අමාත්‍යවරයා වන ශා මෙහෙමුද් කෘර්ෂිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කොරෝනා වෛරසය ආසාදනය වූ එරට රජයේ ජ්‍යෙෂ්ඨතම දේශපාලන නායකයා මොහුයි. ඊයේ දිනයේ සිට පාකිස්තාන විදේශ අමාත්‍යවරයා සිය නිවසේ සිට ප්‍රතිකාර ලබනවා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2020 19:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo