fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඕවන් වීරක්කොඩි මහතා අභාවප්‍රාප්ත වෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2020 19:25

ප්‍රවීණ කලාකරුවෙකු මෙන්ම ජාතික තරුණසේවා සභාවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු වූ ඕවන් වීරක්කොඩි මහතා අභාවප්‍රාප්ත  වුණා.

වීරක්කොඩි මහතා ජාතික තරුණසේවා සභාවේ නිස්කෝ වීඩියෝ අංශයේ ආරම්භක අංශ ප්‍රධානියායි.

එමෙන්ම නිස්කෝ වීඩියෝ රූපවාහිනී වැඩසටහන් නිශ්පාදන පාඨමාලාවේ නිර්මාතෘ වරයා ද වනවා. 1976 වසරේ මෙරට පැවති නොබැදි ජාතීන්ගේ සමුළුවේ ලාංඡනය නිර්මාණය කර ඇත්තේ ද ඒ මහතායි. චිත්‍ර, මූර්ති මෙන්ම දක්ෂ කැටයම් ශිල්පියෙකු වන ඕවන් වීරක්කොඩි මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි ධාරියෙක්.

අභාවප්‍රාප්ත වීරක්කොඩි මහතාගේ දේහය මේ වන විට කොට්ටාව සිද්ධමුල්ල නිදහස් මාවතේ අංක 3 දරන නිවසේ තැන්පත් කර තිබෙනවා. අවසන් කටයුතු හෙට පස්වරු 6.00 ඇරැව්වල පොදු සුසාන භූමියේදී සිදුකිරිමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2020 19:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo