fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමති ඩලස් ලෙස පෙනී සිටිමින් රැකියා ලබා ගැනීමට තැත් කළ අයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2020 19:18

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ලෙස පෙනී සිටිමීන් දුරකතනයෙන් පුද්ගලික ආයතන ප්‍රධානීන් අමතා රැකියාවල් ලබා ගැනීමට තැත් කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ නම හා ඡායාරූප භාවිත කරමින් වට්ස්ඇප් ගිණුමක් සාදා ඒ මාර්ගයෙන් පුද්ගලික ආයතන කිහිපයක ප්‍රධානීන්ට දුරකතන ඇමතුම් ලබා දෙමින් හා කෙටි පණිවුඩ යවමින් පුරප්පාඩු තනතුරු සදහා බදවා ගැනීමට මෙම සැකකරු බලපෑම් කර තිබෙනවා.

මේ පිළිබද අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සිදුකළ පැමිණිල්ලකට අනුව අදාළ සැකකරු මාතර වල්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයට හැකිවුණා. නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරු අද ඉදිරිපත් කිරිමෙන්  පසුව මේ මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2020 19:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo