fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ධාන්‍ය ආනයනය නතර කළා; ගොවීන්ට දෙස් විදෙස් වෙළෙදපොළ විවෘතයි – ජනපති

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2020 19:08

ධාන්‍ය ආනයනය රජය නතර කර ඇති බැවින් ගොවි ජනතාවට තම ධාන්‍ය වර්ග ඉහළ මිලකට දේශීය හා විදේශීය වෙළෙඳපොළට සැපයීමේ අවස්ථාව උදා වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසනවා. රජරට ගොවි ජනතාව ‍හමුවේ ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා.

මහ මැතිවරණයට තරගවදින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ කළ චාරිකාවකදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සංවිධාන කර තිබූ කහටගස්දිගිලිය ජන හමුවට එක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ප්‍රදේශවාසීන් සමග කතාබහක නිරත වුණා.

නිසි කලට පොහොර හා ජලය ලැබෙන්නේ නම් බාධාවකින් තොරව වගා කටයුතුවල නිරත විය හැකි බව ගොවීන් මෙහිදී සඳහන් කළා. කාබනික පොහොර භාවිතයට වැඩි වශයෙන් යොමු වීමේ  වැදගත්කම ද ජනාධිපතිතුමා ගොවි ජනතාවට පෙන්වා දුන්නා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2020 19:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo