පාකිස්තාන විදේශ අමාත්‍යවරයා වන ශා මෙහෙමුද් කෘර්ෂිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කොරෝනා වෛරසය ආසාදනය වූ එරට රජයේ ජ්‍යෙෂ්ඨතම දේශපාලන නායකයා මොහුයි. ඊයේ දිනයේ සිට පාකිස්තාන විදේශ අමාත්‍යවරයා සිය නිවසේ සිට ප්‍රතිකාර ලබනවා.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය දෛනිකව පවත්වන මාධ්‍ය සාකච්ඡාවේදී සදහන් කළේ කොරෝනා වෛරසය මර්දනය කිරීම සදහා යථාර්ථය වටහාගෙන ලොවපුරා ජනතාව සහ රජයන් අවදිවිය යුතු බවයි.
වෛරසය පිළිබද සියලු දත්ත මෙන්ම එහි සැබෑ ස්වරූපය නිවැරදි ලෙස වටහාගැනීම මෙහිදී වැදගත් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.