නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ත්රිකුණාමලය නෙදුන්කේනි රක්ෂිතයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී බර අවි
උණ්ඩ කිහිපයක් සොයා ගෙන තිබෙනවා.
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහ සර්ධාපුර පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් පිරිසක් එක්ව ත්රිකුණාමලය නෙදුන්කේනි රක්ෂිතයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී කොටසක් විනාශ වී තිබූ මල්ටිබැරල් උණ්ඩයක් (01), මිලි මීටර 81 වර්ගයේ මෝටාර් උණ්ඩයක් (01), මිලිමීටර් 120 වර්ගයේ කාල තුවක්කු උණ්ඩයක් සොයා ගැනීමට සමත් විය.
මෙම බර අවි උණ්ඩ මානුෂිය මෙහෙයුම් පැවැති සමයේ භාවිතා කරන ලද උණ්ඩ බවට සැක පළ කරන අතර එම සොයා ගන්නා ලද උණ්ඩ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සර්ධාපුර විශේෂ කාර්ය බලකාය මගින් සිදු කරනු ලබයි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/07/awi.jpg”]