fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අභාවප‍්‍රාප්ත සිබිල් වෙත්තසිංහ මහත්මියගේ අවසන් කටයුතු අද

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2020 13:54

මෙරට ළමා කතාන්දර කලාවේ පුරෝගාමී ලේඛිකාවක් වූ අභාවප‍්‍රාප්ත සිබිල් වෙත්තසිංහ මහත්මියගේ අවසන් කටයුතු අද (03) සිදුකෙරෙනවා. ඒ බොරැල්ල පොදු සුසාන භූමියේදී.

මියයනවිට ඇය 93 වියෙහි පසුවුනා. සිබිල් වෙත්තසිංහ මහත්මිය මෙරට ප‍්‍රවීන හා ජ්‍යෙෂ්ඨ චිත‍්‍ර ශිල්පිනියක්. මැටි ගෙදර ළමයි, කුඩ හොරා, උඩගිය බබා ආදී ළමා කෘති 200 කට අධික සංඛ්‍යාවක් ඇය සිංහල හා ඉංග‍්‍රිසි භාෂාවලින් රචනා කර තිබෙනවා. සිබිල් වෙත්තසිංහ මහත්මිය පසුගියදා ගිනස් වාර්තාවක් පිහිටුවනු ලැබුවේ දරුවන් සම්බන්ධ කරගනිමින් ලොව වැඩිම අවසානයක් සහිත කතන්දර පොත රචනා කරමින්.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිබිල් වෙත්තසිංහ මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් ශෝක පණිවිඩයක් නිකුත් කළා. සිංහල ගැමි පරිසරය හා ඉන් ලද අත්දැකීම් දරුවන්ගේ ලෝකය විනිවිද දැකීමටත්, ගුරුහරුකම් දීමටත්, ඇය සමත්වූ බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ.

සිය දිවියම ළමා ලෝකයේ සතුට වෙනුවෙන් කැපකළ ඇයගේ නිර්මාණ තවත් සුවහස්කල් මෙරට ළමා ලෝකය සුන්දර කරනු ඇති බවයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශෝක පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2020 13:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්