කොටි සංවිධානය යළි නගා සිටුවිය යුතු බවට ප්‍රකාශයක් සිදුකළ හිටපු මන්ත්රීනී විජයකලා මහේෂ්වරන් සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග සදහා නීතිපති උපදෙස් විමසා ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ අද (02) කැදවුවා. එහිදී සැකකාර විජයකලා මහේෂ්වරන් ද අධිකරණය හමුවේ පෙනී සිටියා. සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය එහිදී අධිකරණයට දන්වා සිටියේ සිද්ධියට සම්බන්ධ පරික්ෂණ වාර්තා සියල්ල නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බවයි.
එහෙත් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නැති බවයි එම නිලධාරීන් පැවසුවේ. ඒ අනුව අදාළ පැමිණිල්ල නොවැම්බර් මස 27 වනදා කැදවීමට නියම කෙරුණා. එදිනට නීතිපති උපදෙස් පිළිබද අධිකරණය දැනුවත් කරන ලෙස ද පොලිසියට නියෝග කළා.
කොටි සංවිධානය යළි නගා සිටුවිය යුතු බවට හිටපු රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශයක් සිදුකළේ 2018 උතුරු පළාතේ පැවති මහජන රැස්වීමකදීයි. මෙම ප්‍රකාශය තුළින් ජාතීන් අතර සමගිය බිද හෙළිමට කටයුතු කර ඇතැයි චෝදනා කරමින් ලංකා දණ්ඩනීති සංග්‍රහය යටතේ පොලිසිය මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.