fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පසුගිය වසර 4 තුළ ජනපති – අගමැති  ගැටුම් නිසා බෝක්කුවක්වත් හදාගන්න බැරි වුනා

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2020 19:50

යහපාලන රජයට පසුගිය වසර 4 තුළ බෝක්කුවක්වත් හරිහැටි සාදා ගැනීමට නොහැකි වූයේ, ජනපති හා අගමැති  අතර තිබූ මත ගැටුම් නිසා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එබැවින් ජනපතිවරයා සමග කටයුතු කළ හැකි පිරිසක් තෝරා පාර්ලිමේන්තුවට එවීමේ වගකීම ජනතාව නිසි ලෙස ඉටු කරනු ඇති බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත්  ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරී හමුවක් බද්දේගම නගර සභා ශ්‍රවණාගාරයේදී අද පැවැත්වුනා. ඊට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේ 19වෙනි සංශෝධනය අනුව විකෘති පාර්ලිමේන්තුවක් ඇතිවී එමගින් රටේ සංවර්ධනයට බාධා සිදුවූ බවයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2020 19:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo