2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය පාවාදුන් බවට වන ප්‍රකාශයට අදාළව හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතාට ප්‍රකාශයක් ලබාදීම සදහා එම කමිටුව විසින් අද කැදවීමක් කර තිබුණා.
ඒ අනුව කුමාර සංගක්කාර මහතා පැය නවය හමාරක කාලයක් අදාළ කමිටුව හමුවේ ප්‍රකාශයන් ලබාදී මීට සුලු වේලාවකට පෙර එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබෙනවා.
2011 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලිය පාවාදීම සම්බන්ධයෙන් සැකයක් පවතින බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඒ සදහා ප්‍රකාශ ලබාදීමට 2011 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා පිළ මෙහෙයවූ කුමාර් සංගක්කාර ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට අද පැමිණියා. මෙම පරීක්ෂණවලට අදාළව අරවින්ද සිල්වා සහ උපුල් තරංගද මීට පෙර ප්‍රකාශ ලබා දුන්නා.
[ot-video type=”youtube” url=”https://youtu.be/TSMJZASpZq0″]