fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගම ගොඩනගන්න ගමේ ආර්ථිකයත් ජනතා අවශ්‍යතාත් හඳුනාගන්න

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2020 18:15

ගම ගොඩනැගීමට නම් ග්‍රාමීය ආර්ථිකය සහ ජනතා අවශ්‍යතා හඳුනාගනිමින් බැංකු සේවා ක්‍රියාත්මක වියයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරනවා.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ වත්මන් ක්‍රියාකාරීත්වය සහ ඉදිරි සැළසුම් පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව කියා  සිටියා. පිටරටවලින් පැමිණ කර්මාන්ත ශාලා ආරම්භ කරන තෙක් නොසිට අපනයන කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීම කාලීන අවශ්‍යතාවක්. කර්මාන්ත බිහිවීමෙන් පමණක් සංවර්ධනයක් සිදු නොවන බව පෙන්වා දෙන ජනාධිපතිතුමා කෘෂිකර්මාන්තය කේන්ද්‍රකර ගනිමින් ග්‍රාමීය ව්‍යවසායකත්වය වර්ධනය කළ යුතු බවද කියා සිටියා.

අවශ්‍යතා නිවැරදිව හදුනාගෙන කෘෂිකර්මාන්තය දියුණු කිරීමෙන් ආර්ථික සංවර්ධනයක් අත්කර ගැනීම රජයේ අරමුණයි. ඒ සඳහා ආර්ථිකය ගොඩනගන ආකාරය පහළ සිට බැලීමේ වැදගත්කම ද රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නා. වාණිජ බැංකු ණය සම්පාදනයේ දී නිෂ්පාදන ක්ෂේත්‍රයට වඩා වෙළෙද අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි. සම්ප්‍රදායට සීමා නොවී ගොවීන් නිෂ්පාදනයට දිරිගන්වමින් ක්‍රියා කිරීම ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ වගකීම බවයි ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ.

කෘෂි භෝග ආනයනයට ඉඩ නොතබා උදු, කුරක්කන්,  මුං ඇතුළු ධාන්‍ය වගා දිරි ගැන්වීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරුණා. ඒ ඒ ප්‍රදේශයට ඉලක්ක නියම කරමින් ගොවියා දිරිගැන්වීමට අවශ්‍ය සහාය බැංකුව ගමට ගෙනයාමෙන් තමා අපේක්ෂා කරන ඉලක්කය බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. දීර්ඝ කාලීනව ගෙවීමේ පදනම මත මහා පරිමාණ වශයෙන් ණය ලබාගෙන ගෙවීම් පැහැරහරින අයට එරෙහිව තදින් ක්‍රියා කළ යුතුයි. රාජ්‍ය බැංකුවලට අයවිය යුතු ණය අයකර ගැනීමේ ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2020 18:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo