fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අත්අඩංගුවට ගත් නාකොටික් 11 දෙනා අධිකරණයට

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2020 16:21

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ රහස් පොලිස් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ 11 දෙනා අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ තවත් නිලධාරීන් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනුණේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වූ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මගිනුයි.

මත්කුඩු ජාවාරමේ නිරතවීමේ චෝදනාව සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 04 දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගැනුණා. ඒ ජුනි මස 19 වනදා ආරම්භ කළ මූලික විමර්ශනවලට අනුවයි. ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන් සමග එක්ව මත්ද්‍රව්‍ය බෙදා හැරීම හා ඔවුන්ගේ විවිධ  කටයුතුවලට සහාය දක්වමින් කෝටි ගණනින් මුදල් උපයාගෙන ඇති පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත මෙම විමර්ශන ක්‍රියාත්මක කෙරුණා.

ඒ අනුව මෙම නිලධාරීන්ගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරු මත මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා යොදාගත් රථවාහන දෙකක් අවි ආයුධ මෙන්ම මත්ද්‍රව්‍ය අලෙවියෙන් ලබා ගත් රුපියල් කෝටි 3කට අධික මුදලක් හා රන් ආභරණ තොගයක් ද රහස් පොලිස් භාරයට ගැනුණා.

එමෙන්ම මෙම නිලධාරීන් රථවාහන තුනක් මිලදී ගෙන ඇති බවත් විවිධ ප්‍රදේශවලින් ඉඩම් අක්කර 10ක් මිලදී ගෙන ඇති බවත්,  රහස් පොලිසිය හෙළිකර ගත්තා.

ඔවුන්ට අයත් ගිණුම් තුනක් මේ වන විටත් තාවකාලිකව තහනම් කර තිබෙනවා. මෙම ජාවාරම සම්බන්ධ ප්‍රධාන සැකකරු වන පොලිස් පරික්ෂකවරයා අතුරුදන්ව ඇති අතර ඔහු සොයා පුළුල් පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකයි.

නඑම කාර්යාංශයේ ප්‍රධානියා ද  මාරුකර යැවීමටයි කටයුතු කෙරුණේ. මෙම සිද්ධිය පිලිබද  තවදුරටත් සිදු කළ පරික්ෂණවලට අනුවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ තවත් නිලධාරීන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2020 16:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo