fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ISIS සම්බන්ධකම් ඇති අයෙකු ගැන මංගලටත් සාගලටත් දැනුම් දුන්නත් වැඩක් වෙලා නෑ

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2020 16:28

පාස්කු ප්‍රහාරයට හා ISIS සංවිධානයට සම්බන්ධ පුද්ගලයකු පිලිබඳ එවක විදේශ කටයුතු ඇමති හා නීතිය හා සාමය පිලිබඳ අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන් හමුවී පෞද්ගලිකව දැනුවත් කළ බව හිටපු අභියාචානාධිකරණ විනිසුරු මොහොමඩ මොහිදීන් අබුදුල් ගෆූර් මහතා පවසනවා.

පාස්කු ප්‍රහාරය පිලිබඳ විමර්ශන කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමිනුයි හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරයා මෙම අනාවරණය සිදු කළේ. තමන් මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් ඉල්ලීමක් කළද ඊට අවස්ථාවක් නොලැබුණ බවද ඒ මහතා කියා සිටියා.තමන්ට උසස් පෙල අධ්‍යාපන ය ලබාදුන් ගුරුවරියක දුරකතන ඇමතුමක් ලබාදී සිය 23 හැවිරිදි පුත්‍රයා වන ආෂික් නමැත්තා ISIS සංවිධානය සමග සම්බන්ධතා පවත්වන බවට දැනුම් දුන් බව ගෆූර් මහතා පැවසුවා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2020 16:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්