මාතර නිල්වලා ගඟේ කිඹුලෙකු ඩැහැගෙන යාමෙන් අතුරුදන්වී ඇතැයි පැවසෙන පොලිස් නිලධාරියා සොයා අද මෙහෙයුම් සිදු කෙරුණා.
නිල්වලාගගේ,මාගල්ලාගොඩ පොම්පාගාරය අසලදීයි මෙම පොලිස් නිලධාරියා අතුරුදන් වී ඇත්තේ. ගාල්ල නාවික හමුදා කදවුරේ සෙබලුන් සහ ප්රදේශවාසීන් සෝදිසි මෙහෙයුම් සිදුකළා. කොම්පඤ්ඤවීදිය පොලිසියේ සේවය කරන අතුල වඩනම්බි නම් 54 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයා මෙලෙස අතුරුදන් වී තිබෙනවා. මිතුරන් පිරිසක් සමග පොම්පාගාරය අසල සාදයකට සහභාගී වී ඇති පොලිස් කොස්තාපල්වරයා එක් මිතුරෙකුගේ දුරකතනයක් ගගට වැටුණු අවස්ථාවේදී එය ගැනීමට උත්සාහ කරන විට කිඹුලෙකු ඔහුගේ කකුලෙන් ඇදගෙන ගොස් ඇති බවයි මිතුරන් සාක්ෂි දෙමින් පවසා ඇත්තේ.