fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රනිල් කියූ කොරෝනා දෙවැනි රැල්ලට ඇමති පවිත‍්‍රා පිළිතුරු දෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2020 15:38

කොවිඩ් 19 දෙවැනි රැල්ලක් ඉදිරියේදී පැමිෙණන හෙයින් ඒය මර්ධනය කිරීම සඳහා තම පක්ෂයට බලය ලබා දෙන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය පැල්මඩුල්ලේ අද (02) දින පැවති ජනහමුවකදී මෙසේ පිළිතුරු ලබා දි තිබෙනවා.

”රනිල් වික්‍රමසිංහ මහත්තයා කොවිඩ් 19 දෙවැනි රැල්ලක් එන හින්දා ඒක මර්දනය කරන්න එතුමන්ලාට බලය දෙන්න කියලා කියනවා. දැන් අපි දැක්කා එතුමන්ලා මේ පසුගිය ජන්ද ව්‍යාපාරයේදී එතුමන්ගේ වටේ තියෙන ආගමික සිද්ධස්ථානවලට ගිහිල්ලා ඇවිද ඇවිද ඉන්නවා. මොකද එක්සත් ජාතික පක්ෂය කියන්නේ අද ඇවිදින මලමිනියක් වගේ මැරිච්ච පක්ෂයක්.

ඉතිං පසුගිය කාලේ රනිල් වික්‍රමසිංහ මහත්තයලගේ කෙරුවාවල් ගැන මේ රටේ මිනිස්සු දන්නවා. එතුමාට අපි කියන්නේ අර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තියෙන ජනාධිපති විමර්ෂන කොමිසමට ගිහිල්ලා එතන බංකුවකට වෙලා ඒ සාක්ෂි දෙන හැටි හොදට අහල බලන්න.

එතකොට එතුමාට තේරෙයි එතුමන්ලා මේ රට කරන් ගියේ කොහොමද කියලා. ඉතිං මේ රටේ ජනතාව හොදටම දන්නවා දැන් මාස දෙකක් තිස්සේ අපේ රටේ සමාජයේ කොවිඩ් 19 රෝගය කිසිම තැනක මතුවීමක් නෑ කියලා.

මේ රටේ ජනතාව රනිල් වික්‍රමසිංහ මහත්තයලා ගැන හොදටම දන්නවා. ඒ නිසා ලෙහලා බලපු මල්ල ඔබලා බලන්න අවශයතාවයක් නැති බව මේ රටේ ජනතාව හොදට තේරුම් අරගෙනයි ඉන්නේ.” 

සෞඛ්‍ය අමාත්‍යවරිය මෙම කරුණු අවධාරණය කළේ පැල්මඩුල්ලේ අද (02) දින පැවති ජනහමුවකදීය.

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2020 15:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo