fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව ඇති නැති පරතරය වැඩිවී ඇති බව ලෝක බැංකුව කියයි

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2020 14:43

කොරෝනා වසංගතය හමුවේ ගෝලීය ආර්ථිකය දරුණු පසුබෑමකට ලක්ව ඇති බව ලෝක බැංකුව පවසනවා.

මේ වසරේදී ගෝලීය ආර්ථිකය සියයට පහයි දශම දෙකකින් හැකිලෙනු ඇති බවයි ලෝක බැංකුව පෙන්වා දෙන්නේ. ඒ මෙය දෙවන ලෝක සංග‍්‍රාමයෙන් පසු ඇතිවූ ගැඹුරුම ආර්ථික අවපාතය වනු ඇති බවට ද අනතුරු අඟවමින්.

කොරෝනා පාලනය සඳහා රටවල් වසාදැමීමේ ක‍්‍රියාමාර්ගයත් සමඟ වෙළෙදාම , ඉල්ලුම, සැපයුම, සංචාරක ව්‍යාපාර වැනි ක්ෂේත‍්‍ර කෙරෙහි අහිතකර බලපෑම් එල්ල වුණා. කොරෝනා ව්‍යප්තියත් සමග විශාල පිරිසකගේ ආදායම් මාර්ග අහිමිවු අතර දියුණු වෙමින් පවතින රටවලට එය දැඩි ලෙස බලපා තිබෙනවා.

එය ලොව ඇති නැති පරතරය තවදුරටත් වැඩිකිරිමට ද හේතුවනු ඇති බවයි ලෝක බැංකුව පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 2, 2020 14:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo