fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ණය ඇප ආවරණ සඳහා මහ බැංකුවෙන් පොලී සහන ණය ක්‍රමයක්

ITN News Editor
By ITN News Editor ජූලි 1, 2020 17:54

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්වූ ව්‍යාපාර සඳහා ණය ඇප ආවරණ සඳහා පොලී සහන ණය යෝජනා ක්‍රමයක් ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භකර තිබෙනවා.

එම ණය යෝජනා ක්‍රමය අද සිට ක්‍රියාත්මක වන බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාරවලට ණය ඇප ආවරණ සහ පොලී සහන යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට තීරණය කෙරුණේ පසුගිය 26 වනදා පැවති මහ බැංකුවේ මුදල් මණ්ඩලයේදීයි. දැනට ප්‍රකාශයට පත්කර ඇති සෞභාග්‍යා කොවිඩ් නයින්ටීන් පුනරුද සහන ණය යෝජනා ක්‍රමය සහ මුදල් මණ්ඩලය අනුමත කළ සහන ණය පහසුකමට සමගාමීව මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරෙනවා. මේ යටතේ බැංකු ලබාදෙන ණය මුදාහැරීමේ හැකියාව ඉහළ නංවමින් ණය ඇප ආවරණයක් බැංකු වෙත ලබාදෙනු ඇත. ණය අවධානමෙහි ඉහළ ප්‍රතිශතයක් මහ බැංකුව දරණ බැවින් ණය සුරැකුම් වෙනුවට පීඩාවට පත් ව්‍යාපාරවල ශක්‍යතාව සහ මුදල් ප්‍රවාහ මත ණය ලබාදීමේ හැකියාව බැංකු වෙත හිමිවෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 1, 2020 17:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්