කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු කඩිනම් කරමින් අංගසම්පූර්ණව ඉදිකළ මහව සතිපොළ ජනතා අයිතියට පත් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත සිදු කෙරුණු මෙම ව්‍යාපෘතිය සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 117 ක්.
නාගරික සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ මහව සතිපොළේ ඉදිකිරීම් සිදු කෙරුණා. සතිපොළ නිසි පරිදි සකස් කර නිවැරදි ආකාරයෙන් පිහිටුවීමේ කටයුතු 2010,2015 අතර කාලය තුළ සිදු කෙරුණේ එවකට ආරක්ෂක ලේකම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මතයි. සතිපොළ සම්පූර්ණ වහළයක් සහිතව නිර්මාණය කිරීම හේතුවෙන් පීඩාවකින් තොරව වෙළෙදාම් කිරීමේ අවස්ථාවද හිමිව තිබෙනවා. ප්‍රධාන ගොඩනැගිලි දෙකකින් යුත් සතිපොළෙහි වෙළෙඳුන් 400 දෙනෙකුට පමණ වෙළෙදාම් කිරීමේ පහසුකම්ද පවතිනවා. වාහන නවතා තැබීමේ පහසුකම්, පානිය ජල පහසුකම්,විදුලි ආලෝකය ඇතුළු පහසුකම් රැසකින්ද සතිපොළ සමන්විතයි.