ඩෙංගු රෝගය සම්බන්ධයෙන් බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණා. ඒ වනාතමුල්ල ශ්‍රී ධර්මාශ්‍රම විහාරස්ථානයේදී.
බොරැල්ල පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකය සංවිධාන කළ මෙම වැඩසටහනට සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයින්ගේ ද සහයෝගය ලැබුණා. පරිසර ආරක්ෂණ ප්‍රජා පොලිස් දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති මුදිත පුස්සැල්ල මහතා ඇතුළු පොලිස් නිලධාරීන් මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද මෙම අවස්ථාවට එක්වුණා.