මහ මැතිවරණයට අදාළව මුද්‍රණය කළ ඡන්ද පත්‍රිකා සියල්ල අනිද්දා වන විට මැතිවරණ දෙපාර්තමේන්තුව වෙත භාර දී අවසන් කිරීමට රජයේ මුද්‍රණාලය කටයුතු යොදා තිබෙනවා.
පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව මුද්‍රණය කළ දිස්ත්‍රික් 18 කට අයත් නිල ඡන්ද පත්‍රිකා මේ වන විට මැතිවරණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා. රජයේ මුද්‍රණාලයේදී එම මුද්‍රණ කටයුතු සිදුවූ අතර සෙසු දිස්ත්‍රික්වලට අදාළ ඡන්ද පත්‍රිකාද අනිද්දා දිනය වන විට මැතිවරණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු යොදා ඇති බවයි රජයේ මුද්‍රණාල නිලධාරීන් පවසන්නේ.
මේ අතර දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි කාර්යාල වෙත යැවීම සඳහා ඡන්ද පත්‍රිකා තැපැල් කාර්යාලවලට භාර දී තිබෙනවා. ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සඳහා දින තුනක් වෙන් කර ඇති බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කළේ.