අප්‍රිකා කුසලාන පාපන්දු තරගාවලිය ලබන වසර තෙක් කල්දැමීමට බලධාරින් තීරණය කළා.
ඒ අප්‍රිකා පාපන්දු සම්මේලනයේ විධායක කමිටු රැස්වීමේදී . 2022 වසරේදී එය පැවැත්වීමයි අපේක්ෂාව . කැමරුන් රාජ්‍යය ඒ සඳහා තෝරා ගෙන තිබෙනවා.
කොරෝනා වයිරසය හේතුවෙන් මතුව ඇති සෞඛ්‍ය ගැටලු මත තීරණයට එළඹි බවයි කමිටු සාමාජිකයන් සදහන් කළේ. තරග රැසක්ම කල්දැමීමට මීට පෙරත් පාපන්දු සාමාජිකයන් තීරණය කළා.