පොලිසියට අල්ලස් දීමට තැත්කළ දෙදෙනෙක් අත්අඩංගුවට ගැනේ
Related Articles
පොලිසියට අල්ලස් ලබාදීමට උත්සහ කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නොච්චියාගම පොලිස් වසමේදී යතුරු පැදියකින් ගංජා ප්රවාහනය කළ පුද්ගලයෙක් පිලිබදව පොලිසියට තොරතුරක් ලැබුණා. එහිදී සිදුකළ වැටලීමේදී ගංජා සමග ඔහු පොලිස් භාරයට ගෙන තිබෙනවා. එම පුද්ගලයා නිදහස් කරන ලෙස පවසා රුපියල් තුන් ලක්ෂ හැත්තෑ පන්දහසක මුදලක් ලබාදීමටයි සැකකරුවන් කටයුතු කර තිබෙන්නේ.
ඔවුන්ව තඹුත්තේගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය සදහන් කළා.
මේ අතර කප්පම් ලබාගැනීමට තැත්කළ සැකකරුවන් තුන්දෙනෙක් ද ජීව අත් බොම්බයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මීගමුව නගරයේදී. දුරකතන ඇමතුවක් ලබාදී වෙළදසැලකින් ඔවුන් රුපියල් විසි පන්දහසක කප්පම් මුදල් ඉල්ලා ඇති බවයි පොලිසිය පවසන්නේ.