ජපානයේ කෝවිඩ් දෙවන රැල්ලක් නිර්මාණය වී ඇති බව වාර්තා වනවා.
ඒ, ගතවූ පැය 24 තුළ ජපානයෙන් සියය ඉක්මවාගිය ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තාවීමත් සමගින්. ඒ අනුව ජපානයෙන් වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 18,593 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 712 දෙනෙකු ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන් හමුවූ ආසාදිතයින් සහ ඔවුන් සමග සබඳතා පැවැත්වූ අය බව සඳහන්. දිනෙන් දින වාර්තාවන රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමගින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල අර්බුදකාරී තත්ත්වයකට මුහුණපා ඇති බවද වාර්තා වනවා.