වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙන් චීනයේ බීජිං නගරය ආසන්නයේ පිහිටි ඇන්සින් ප්‍රදේශය යළි වසා දැමීමට ඊයේ (29) තීරණය කෙරුණා.
අත්‍යවශ්‍ය සේවා සදහා පමණක් නිවසින් එක් පුද්ගලයෙකුට දිනකට වරක් පමණක් පිටතට යාමට අවසර හිමිවන අතර පිටස්තර පුද්ගලයින්ට එම ප්‍රදේශයට ඇතුල්වීම තහනම් කර තිබෙනවා. මේ හේතුවෙන් ලක්ෂ 4 ක පමණ ජනතාවකට බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර චීනයේ පැතිර යන තවත් වසංගත උණක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. අදාළ උණ රෝගය ඌරන් මගින් පැතිර යන අතර එය මිනිසාටද වැළදීමේ හැකියාවක් ඇති බව විද්‍යාඥයින් අනාවරණය කරගෙන තිබෙනවා.
නව උණ රෝගය සදහා ඔරොත්තු දීමේ ප්‍රතිශක්තියක් මිනිසුන් තුළ නොමැති හෙයින් මෙයද ගෝලීය වසංගත තත්ත්වයක් දක්වා පැතිරී යා හැකි බැවින් කඩිනමින් පාලනය කළ යුතු බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.