fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දඹුල්ලේදී පුද්ගලයෙකු ටයර් දමා පුළුස්සා ඝාතනය කළ සිද්ධියට තිද‍ෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2020 18:30

දඹුල්ල ඉහළ ඇරෑවුල ගෝනවල ප්‍රදේශයේ කැලෑවකදී පුද්ගලයෙකු ටයර් දමා පුළුස්සා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ටයර් දමා පුළුස්සා තිබූ නාදුනන සිරුරක් පොලිසිය සොයා ගත්තේ පසුගිය 16 වනදායි. ඒ අනුව සිදුකළ පරික්ෂණවලදීයි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවුණේ. ඔවුන් පහළ මාපිටිගම කහවත්ත සහ අටකලම්පන්න යන ප්‍රදේශවල පදිංචිකරුවන්.   ඔවුන්ගෙන් දෙදෙනෙකු වැලි ටිපර් හිමිකරුවන් වන අතර  අනෙක් පුද්ගලයා කම්කරුවෙක්.

මෙසේ ඝාතනය කර තිබුණේ මොරගහහේන මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි තිදරු පියෙක්. ඔහුද වැලි ටිපර් රියදුරෙක්.  මියගිය පුද්ගලයාගේ බිරිද සමග පැවැත්වූ අනියම් සබදතාවක් මත ප්‍රධාන සැකකරුගේ උවමනාවට අනෙක් දෙදෙනා ද එක්ව ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ. ඝාතනයට දින කිහිපයකට පෙර පරණ ටයර් මෙම ස්ථානයට ගෙනවිත් දමා තිබූ බව ප්‍රශ්න කිරීම්වලදී හෙළිව තිබෙනවා. අධිකරණ නියෝගමත රදවාගෙන සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2020 18:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්