fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිවයිනේ සියළු දිවාසුරැකුම් මධ්‍යස්ථාන ජුලි 02 සිට විවෘත කිරිමට අවසර

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2020 17:33

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වසා තැබුණු දිවාසුරැකුම් මධ්‍යස්ථාන සෞඛ්‍ය නිර්දේශ යටතේ ජුලි මස 02 වනදා සිට යළි විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය ලබා දී තිබෙනවා.

මේ පිළිබදව අදහස් දැක්වමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ : පෞද්ගලික හා රාජ්‍ය සේවා ස්ථානවල සේවයට යන දෙමාපියන් තම දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථානවල රඳවා තැබීම ප්‍රධාන අවශ්‍යතාවයක් වී ඇති බවත්, කොවිඩ් වෛරසය තත්ත්වය හේතුවෙන් පසුගිය කාලය තුල සෞඛ්‍ය අංශ විසින් දිවාසුරැකුම් මධ්‍යස්ථාන විවෘත කිරිමට අවස්ථාව ලබා නොදුන් බවයි.

නමුත් දෙමාපියන්ගේ ඉල්ලීම් සහ අවශ්‍යතාවය සළකා බලමින් සහ මාස දෙකක් වැනි කාලයක් තුල සමාජය තුලින් කොවිඩ් වෛරසය ආසාදිත රෝගීන් වාර්තා වී නොමැති බැවින් ජුලි මස 02 දින සිට දිවා සුරැකුම් මධ්‍යස්ථාන විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තීරණය කර ඇති බවයි.

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2020 17:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්