fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට එරෙහිව ගොනු කළ නඩුවේ සාක්ෂි විභාගය කල් යයි

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2020 16:32

හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 3 වනදා තෙක් කල් තැබුනා. ඒ විත්තිකරුවෙකු අධිකරණය හමුවේ පෙනී නොසිටීම ඊට හේතුවයි.

බලපත්‍ර නොමැතිව අලි පැටවෙක් සන්තකයේ තබා ගත් බවටයි විත්තිකරුවන්ට චෝදනා එල්ල වී ඇත්තේ. අද (30) නඩුවට නොපැමිණියේ පළමු විත්තිකරු වන චන්ද්‍රරත්න යටවර යන අයයි. ඔහුගේ ඇපකරු කියා සිටියේ විත්තිකරු අසනීප වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

එහෙත් විධිමත් ලේඛනයක් ඉදිරිපත් කර නැති බැවින් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කරන්නැයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඉල්ලා සිටියා.

එහෙත් වරෙන්තු නිකුත් නොකළ මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුර සාක්ෂි විභාගය ජුලි මස 3 වනදා තෙක් කල් තැබුවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2020 16:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්