fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හොංකොංහි ආදිපත්‍ය තහවුරු කරන ආරක්ෂක නීතිය චීනය සම්මත කරගනී

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2020 15:45

හොංකොං දිවයිනේ සිය ආදිපත්‍ය තහවුරු කරන නව ආරක්ෂක නීතිය චීනය විසින් සම්මත කරගෙන තිබෙනවා.

ඒ අනුව චීනයෙන් වෙන්වීමට උත්සාහ දැරීම, කැරළි ගැසීම, ත්‍රස්තවාදය හෝ විදේශ හමුදා සමග එක්වීම නීතිමය වශයෙන් අපරාධ ලෙස සලකනු ලබනවා. චීනය මෙම පියවර ගනු ලැබුවේ ගිය වසරේ හොංකොං දිවයිනේ පැවති විරෝධතා රැල්ලකින් අනතුරුවයි. එම විරෝධතාවලට හේතු වූයේ ද අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් චීන මව් භූමියට රැගෙන යාමේ නීතියක් සම්මත කර ගැනීම හේතුවෙන්. කෙසේ නමුත් පසුව එය අත්හිටුවනු ලැබුවා. ඇතැමුන් පවසන්නේ නව ආරක්ෂක නීතිය හේතුවෙන් හොංකොං හි අනන්‍යතාවය දැඩි ලෙස අභියෝගයට ලක්වන බවයි. 1997 වසරේ බ්‍රිතාන්‍යයෙන් නැවත චීනයට හිමිවූ හොංකොං දිවයිනේ වෙළෙඳ ආර්ථික ක්‍රමය අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2020 15:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්