fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අරන්තලා භික්ෂු ඝාතනය ගැන විධිමත් පරීක්ෂණයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2020 15:55

මහත් ආන්දෝලනයට තුඩු දුන් අරන්තලා භික්ෂු ඝාතනය සිදු කර දැනට ජීවතුන් අතර සිටින ත්‍රස්තවාදීන්ට එරෙහිව වහා පරීක්ෂණයක් සිදු කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරුණා.

අරන්තලා ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලබා දිවි ගලවා ගත් පූජ්‍ය ආදාඋල්පත බුද්ධසාර ස්වාමීන් වහන්සේයි මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළේ. උන් වහන්සේ පවසන්නේ කොටි ත්‍රස්තයන් 1987 වසරේ ජුලි මස දෙවනදා එල්ල කළ ප්‍රහාරයකින් භික්ෂූන් වහන්සේ 31 නමක සහ සිවිල් වැසියන් පිරිසක් ඝාතනය කෙරුණු බවයි.

සිද්ධියට සම්බන්ධ ත්‍රස්තයින් ගණනාවක් තවමත් ජීවතුන් අතර සිටින බවත් ඔවුන්ට එරෙහි මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නැති බවත් පෙත්සම්කාර හිමියන් පවසනවා.

මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් සිදු වූ මූලික අයිතීන් උල්ලංඝනය වෙනුවෙන් රුපියල් කෝටි 2 ක වන්දියක් රජයෙන් අය කර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයිද උන් වහන්සේ සිය පෙත්සමෙන් තවදුරටත් ඉල්ලා සිටිනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2020 15:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්