මුල්‍ය හා ලීසිං සමාගම්වල අක්‍රමිකතා සහ නීති විරෝධී ක්‍රියා සොයාබැලීමට පත්කළ කමිටුවට පැමිණිලි භාරගැනීම අදින් (30) අවසන් වනවා.
පසුගිය 23 වනදා සිට මේ දක්වා කාලයේදී පැමිණිලි 60 කට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ. නීත්‍යානුකුල නොවන ලෙස ලීසිං හා මුල්‍ය සමාගම් පවත්වාගෙන යාම පිලිබද පැමිණිලි රැසක් ඊට ඇතුලත්.
සිය වාර්තාව මහ බැංකු අධිපතිවරයාට හෙට (01) භාරදෙන බව ද එම කමිටුව සදහන් කළා. ජනාධිපති නීති අධ්යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතායි කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ.